Chicken Cake චිකන් කේක්

Chicken Cakes are made in a similar style to a crab cake.
Print Recipe
Course Breakfast
Cuisine American
Servings 3

Equipment

Ingredients
  

  • පාන් පෙති 06
  •  චීස් ග්‍රෑම් 50
  • අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 250
  • ළූණු ග්‍රෑම් 100
  • සුදු ළූණු සහ ගම්මිරිස් මේස හැඳි 01 බැගින්
  • අමු මිරිස් කරල් 02
  • ලුණු රස අනුව
  • තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 300
  • බිත්තර 03
  • කිරි කෝප්ප 01
  • තක්කාලි සෝස් මේස හැඳි 05

Instructions
 

  • බටර් තැවරූ බඳුනක් ගෙන වාටි ඉවත් කළ පාන් පෙති අතුරන්න
  •  ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් කොටසක් පාන් මත ඉසින්න
  • බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න
  • එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න
  •  තම්බා පොඩි කරගත් මස්වලට කැපු ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, අමු මිරිස් හා තක්කාලි සෝස් මේස හැඳි 02 ක් එකතු කර එම මිශ්‍රණය පාන් මතට දමන්න.
  • එයට උඩින් නැවතත් චීස් ඉසින්න
  • තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න
  • අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න
Keyword Chicken Cake, චිකන් කේක්