Rasam | රසම්

අතිශයින්ම ගුණ දායක පානයක් වන රසම් පානය නිවැරදිව හදමු
Print Recipe
Course Drinks
Cuisine Aisan

Ingredients
  

  • හොදින් තලාගත් සුදු ලූණු බික් 10
  • සියඹලා තලපය  තේ හැදි  1
  • අබ ඇට තේ හැදි 1/4
  • කහ තේ හැදි 1/4
  • සුදුරු තේ හැදි 1/4
  • කුඩු කර ගත් ගම්මිරිස් තේ හැදි 1/4
  • කොත්තමල්ලි තේ හැදි 1/4
  • පරිප්පු කෝප්ප 1/2
  • රතු මිරිස් 3
  • වතුර කෝපප 03
  • ගී තේ හැදි   03
  • තක්කාලි 02
  • රස අනුව ලුණු
  • කරපිංචා කොළ

Instructions
 

  • පරිප්පු තේ හැදි 1 ක්, කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, රතු මිරිස් හා සුදු ලූණු වලින් භාගයක් විනාඩියක් බැදගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙම මිශ්‍රණය තලපයක් වන තුරු කුඩුකර ගන්න.
  • භාජනයක් ලිප තබා වතුර කෝප්පයක්, සියඹලා තලපය, තක්කාලි, කහ, ඉතිරි සුදු ලූණු හා රස අනුව ලුණු යෙදු මිශ්‍රණය නටවා ගන්න.
  • දැන් කලින් සකස් කර ගත් පරිප්පු මිශ්‍රණය හා වතුර එයට එකතු කරගන්න. පරිප්පු හොදින් ඉදෙන තුරු තම්බා ගන්න .
  • වෙනත් බදුනක් ලිප තබා රත් කරන්න .අබ පුපුරන විට ලිපෙන් ඉවතට ගෙන ඉහත මිශ්‍රණය එකතු කරන්න. දැන් ඔබට කරපිංචා වලින් රසම් බදුන සරසන්න පුලුවන් .
Keyword Rasam, sinhala recipe, රසම්