Tofu Curry ටෝෆු කරි

Indian Tofu Curry: simple, delicious and 15 minutes curry recipe
Print Recipe
Course Main Course
Cuisine Aisan

Ingredients
  

  • ටෝෆු  ග්‍රෑම්  150 
  • ඉඟුරු  සුදු  ළූණු  පේස්ට්  තේ  හැඳි  02 
  • සිහින්ව  ලියාගත්  රතු  ළූණු  ගෙඩි  05 
  • අමු  මිරිස්  කරල්  03 
  • රම්පෙ 
  • කරපිංචා 
  • කුරුඳු  පොතු  කැබැල්ලක් 
  • එනසාල්  ස්වල්පයක් 
  • කරාඹු  නැටි  2-3 
  • මිරිස්  කුඩු  තේ  හැඳි  02 
  • බැදපු  තුනපහ  කුඩු  තේ  හැඳි  02 
  • කහ  කුඩු  තේ  හැඳි  ½ 
  • උළුහාල්  ස්වල්පයක්
  • අබ  ස්වල්පයක් 
  • ලුණු 
  • යෝගට්  මේස  හැඳි  01-02 
  • පොල්  මිටිකිරි  අඬු  කෝප්ප  බාගයක් 
  • තක්කාලි  ගෙඩි  02 

Instructions
 

  • කෑලි  කපාගත්  ටෝෆු  ලුණු  ගම්මිරිස්  දමා  තම්බා  වතුර  හැර  තෙම්පරාදු  කරගන්න .  ටෝෆු  ටික  භාජනයකට  අයින්  කරගෙන  රත්වූ  තෙලට  අබ  ඇට ටිකක්  දමා  පිපිරෙන්න  ඉඩ  හරින්න .  ඉඟුරු  සුදු  ළූණු  එක්කර  තෙම්පරාදු  කරගන්න .  එනසාල් ,  කරාඹු  නැටි ,  රම්පෙ ,  කරපිංචා ,  රතු  ළූණු ,  අමු  මිරිස්  මේ  තෙම්පරාදුවට  එකතුකරන්න . 
  • විනාඩි  2-3  පමණ  බැදගත් පසු  ටෝෆු  මෙයට  එකතු  කරන්න .  ඉන්පසු  මිරිස්  කුඩු ,  තුනපහ  කුඩු ,  කහ  කුඩු  සහ  යෝගට්  එකතු කරන්න .  අවසානයට  කුඩාවට  කපාගත්  තක්කාලි ,  පොල්  කිරි  සහ  රස  අනුව  ලුණු  එකතු  කර  පොල්කිරි  හිඳීගෙන  එනවිට  ලිපෙන්  බාන්න . 
Keyword sinhala recipe, Tofu Curry, ටෝෆු කරි