Mini Pizza

Pizza Hot Oven Sinhala recipe

Mini Pizza | මිනි පිට්සා

Course Breakfast
Cuisine American

Ingredients
  

  • පාන් පිටි කෝප්ප 02
  • කිරිපිටි තේ හැඳි 01
  • ඔලිව් තෙල් මේස හැඳි 02
  • ලුණු තේ හැඳි 1/2
  • යීස්ට් තේ හැඳි 1
  • සීනී තේ හැඳි 1
  • මද උණු වතුර කෝප්ප 1/2
  • තක්කාලි සෝස් අවශ්‍ය පමණ
  • කපාගත් තක්කාලි
  • කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ
  • බෙල් පෙපර් අවශ්‍ය පමණ
  • බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ)
  • ගම්මිරිස් ස්වල්පයක්
  • ගා ගත් මොසරැල්ල චීස් 

Instructions
 

  • බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු  වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න. එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න
  • තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න. සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හො​ඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න. මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස්  වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හො​ඳට වසා තබන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න. 
  • ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න. රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හො​ඳට තවරගන්න. මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න. කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න. එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න. මල්ටිපර්පස් කුකර් එකකට පීසා එක දමා සෙල්සියස් අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.
Keyword Mini Pizza, sinhala recipe, මිනි පිට්සා
Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..