Special Lake Fish Curry

lake fish hot oven sinhala recipe

Special Lake Fish Curry | වැව් මාළු බැදුම

කෙසෙල් කොළේ එතූ වැව් මාළු බැදුම
Course Main Course
Cuisine Aisan

Ingredients
  

  • ගම්මිරිස් කුඩු තේ හැදි දෙකක් මාළු සීසන් කරගැනීම සඳහා
  • කහ කුඩු තේ හැදි එකක් මාළු සීසන් කරගැනීම සඳහා
  • ලූණු තේ හැදි 2 ක් මාළු සීසන් කරගැනීම සඳහා
  •  දෙහි ගෙඩියක යුෂ මාළු සීසන් කරගැනීම සඳහා
  • කොරළි මාළු පහක් 
  •  පොල් තෙල් කෝප්ප කාලක් පමණ
  • සිහින්ව කපාගත් රතුලූණු කෝප්ප 1 ක්
  • සුදුලූනු බික් 10 ක් පමණ  සිහින්ව තලාගත්
  • අමුමිරිස් කරල් 3 ක් සිහින්ව දිග අතට පලාගත්
  • කරපිංචා ඉති 3 ක් 
  • හොඳ ඝන පොල් කිරි කෝප්ප 1 ක්
  • අබ ඇට තේ හැදි බාගයක්
  • වියලි මිරිස් කරලක්  සිහින්ව කපාගත්
  • මාළුවාව එතීම සඳහා අලූත් කෙසෙල් දල්ලක් දෙකක්
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2 ක්
  • මිරිස් කුඩු තේ හැදි 2 ක්
  •  කහ කුඩු තේ හැදි බාගයක්
  •  ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්

Instructions
 

  • මාළුවාව වෙන්නොවෙන සේ පිහියෙන් ඉරි ටිකක් හරහට අදින්න. අඟල් කාලක් විතර යටට යන්න. මාළු ටික හොඳින් සීසන් කර පැයක් තබන්න
  •  පසුව පෑන් එකක් ගෙන එයට පොල් තෙල් මේස හැදි 3 ක් දමන්න. තෙල් රත්වූ විට සීසන් කරගත් මාළු එකින් එක එයට දමන්න. හොඳින් දෙපැත්ත පෙරළමින් මාළුවාව බදින්න. මාළුවා ලා රන්වන් පැහැයට හැරිය යුතුයි. එසේ රන්වන් පැහැයට හැරුණු පසුව මාළු ටික තෙලෙන් පිටතට ගෙන පසෙක තබාගන්න.
  • දැන් පෑන් එකේ තෙල්වලට තවත් තෙල් මේස හැදි 2 ක් පමණ එකතුකරන්න. තෙල් රත්වූ පසුව එයට අබ ටික දමන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට සිහින්ව කපාගත් රතුලූණු ටික දමන්න. රතුලූණු ලා රන්වන් පැහැයට හැරෙන තුරු බදින්න.
  • දැන් එයට තලාගත් සුදුලූණු ටික දමන්න. විනාඩි 2 ක් තෙම්පරාදු කරන්න. දැන් කරපිංචා කොළ ටික සූරා දමන්න.
  •  දැන් වෙනම කුඩා පීරිසියක් ගෙන එයට කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ කහකුඩු දමා වතුර මේස හැන්දක්ද දමා පේස්ට් එකක් සාදාගන්නා. මෙසේ සාදාගත් පේස්ට් එක බැදෙන ලූනු ටික උඩින් දමන්න. හොඳින් මිශ්‍රකරන්න. ලිපේ දැල්ල මධ්‍යම ප්‍රමාණයෙන් තබාගන්න.
  • විනාඩි දෙකකට පසුව ලිපේ දැල්ල අඩුකරන්න. එසේ අඩුකර පියන වසා විනාඩි 3ක් මද ගින්නේ පිසින්න.
  • විනාඩි තුනකට පසුව එයට බැදගත් මාළු ටික පරිස්සමින් එක්කරන්න. පරිස්සමින් බැදුණු මසාලය සමඟ මුසුකරන්න. දැන් විනාඩි 2 ක් පිසින්න.
  • විනාඩි දෙකකට පසුව පොල් කිරි කෝප්පය එකතුකරන්න. දැන් මේ පොල් කිරි ටික හොඳින් සිඳෙන තුරු ලිපේ දැල්ල මධ්‍යම ප්‍රමාණයෙන් තබා පියන ඇර පිසින්න. පොල් කිරි ටික සි`දීගොස් මිශ්‍රණය වියළි වූ පසුව ලිප වසන්න.
  • දැන් කෙහෙල් දල්ලෙන් හාෆ් ෂීට් එකක් තරම් කොළ පහක් කපාගන්න. ගින්දරට අල්ලා ටිකක් තවාගන්න. තවාගත් කෙසෙල් කොළයේ ඇතුල් පැත්තේ වගේම පිට පැත්තේත් පොල් තෙල් හොඳින් තවරන්න.
  • දැන් එක් එක් කොළය බැගින් ගෙන එහි හරි මැද එක මාළුවෙක් තබන්න. මාළුවා මත අලූත් කරපිංචා කොළ දෙක තුනක් තබන්න. දෙහි ඇඹුල් ටිකක් දමන්න. දැන් කෙසෙල් පට්ට නූලක් ගෙන පාර්සලයක් වාගේ මාළුවාව ඔතන්න.
  • එසේ මාළු පස් දෙනාවම ඔතන්න. රැුප් කරන්න. දැන් මෙසේ සාදාගත් කෙසෙල් කොල මාළු පාර්සල් නන්ස්ටික් පෑන් එකක් උඩ තබා දෙපැත්තම විනාඩි 3 බැගින් මද ගින්නේ පිසින්න. අලූතින් තෙල් එක්කිරීම අවශය නෑ. කෙසෙල් කොලේ හොඳට තෙල් ගෑවාම ඇති.
  • විනාඩි 3 බැගින් එක් පැත්තක් කර අනිත් පැත්ත පෙරළන්න. එසේ මාළු පස් දෙනාවම බැදගන්න. මෙසේ බැදගත් මාළු උණු උණුවේම කෙසෙල් කොළ රවුමක් දැමූ පිඟානක් උඩ තබා පිළිගන්වන්න.
Keyword sinhala recipe, Special Lake Fish Curry, වැව් මාළු බැදුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..