Puhul Dosi

Puhul Dosi Hot Oven Sinhala Recipe

Puhul Dosi | පුහුල් දෝසි

Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • පුහුල් කිලෝ 1
  • සීනි 500g
  • බුලත් විට කන්න ගන්න හුනු තේ හැදි දෙකක තරම
  • ජලය 1250ml 
  • තවරාගන්න අවශ්‍ය තරමට සීනි

Instructions
 

මුලින්ම පුහුල් බෑව පොත්ත ඉවත් කරන්න පසුව මදය පුලුන් වගේ තියෙන කැබලි කපා ඉවත් කරන්න පොත්ත තිබුන පැත්ත ගෑරුප්පුවකින් ලග ලග ගැඹුරට සිදුරු සාදාගන්න දැන් මේ පුහුල් බෑව අගලක පමන කොටු කැබලි වලට කපාගෙන ඒ එක කැබැල්ලෙන් කැබැල්ලට හැම පැත්තම ගෑරුප්පුවෙන් ගැඹුරට සිදුරු විදින්න ඕන ලග ලගම සෑම පැත්තට ම සිදුරු කරන්න,සෑම කෑල්ලක්ම එහෙම කරගන්න ඒ ඇතුල හොදට සීනි උරාගන්නත් හොදින් තැම්බෙන්නත් නිසා,දැන් බුලත්විට කන හුනු එක මේ කැබලි ගිල්වාතැබීමට සෑහෙන තරමේ ජලයට දියකර ජලය පෙරාගන්න මොකද හුනු කැට කැබලි තිබෙයි කියල ඒ වතුර එකට පුහුල් කෑලි දාල පැයක් විතර තියන්න එහෙම හුනු වතුර දාන්නෙ පුහුල් වල තියෙන ඇසිඩ් ගතිය නැතිවෙන්න ඒක ශරීරයට කිසිම අහිතකර නැහැ, පසුව මේක 6-7වතාවක් හොදින් සොදල පිරිසිදු වතුරේ විනාඩි 15-20ක් ගිල්වා තබන්න ඊලගය මෙය වතුර බේරගෙන දිය සීරෙන්න පැය දෙක තුනක් තියන්නදැන් කරන්න තියෙන්නෙ ජලට 1250ml ප්‍රමානය භාජනේකට දාල ලිප තියල ජලය බොයිල් වෙනකොට සීනි 500g සීනිත් දියකරගෙන හොදින් බොයිල් වෙද්දි පුහුල් කැබලි දමා මද ගින්දරේ තබන්න මෙය තැම්බිලා ජලය සිදෙන්න ඕන ඒ නිසා මේකට පැය 1 1/2ක් පමන යනව නිතර කලවම් කරමින් තම්බාගන්න. කෑල්ලක් අරගෙන බලන්න සාමාන්‍ය තරමට තැම්බිලා වගේනම් ගින්දර ටිකක් වැඩි කරල භාජනය ඇරලම තියන්න ටික ටික ජලය වාශ්ප වෙලා සීනි එක උකු වෙනව එතකොට ගින්දර ටිකක් අඩුකරල නිතරම හොදට කලවම් කරමින්ම ඉන්නට ඕන සිරප් එක අඩුවෙන්න අඩුවෙන්න, මොකද සීනි මේව හැම කැබල්ලකම ඇතුලට අල්ලගන්න ඕන එහෙම අවසානයේ ජලය හොදටම සිදීගොස් සිරප් එක පැණි වගේ වෙලා එනව එතකොට සීනි ටිකක් දමාගත්ත මතුපිටකට කැබලි දමා සීනි තවරාගන්න නිවෙන්න පැය කිහිපයක් ගියාම තද ගතියට එනව ඇතුල පැණිම පැණි ගතියයි,පුලුවන් තරම් ගෑරුප්පුවෙන් සිදුරු කරන්න එවිට හොදින් ඇතුලට පැණි උරාගන්නවා

    Keyword Puhul Dosi, sinhala recipe, පුහුල් දෝසි

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *






    Don't Miss! random posts ..